spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගැනේ (ඡායාරූප)

පිළියන්දල – හල්පිට ප්‍රදේශයේ හෝටලයක් පිටුපස බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (15) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

බොල්ගොඩ ගඟේ මාළු ඇල්ලීමේ නිරතව සිටි පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම්දීමෙන් අනතුරුවයි පොලිසිය මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ ඇඳ සිටි කලිසමේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනය ඔස්සේ මොහු හඳුනාගැනීම සඳහා විමර්ශන සිදුකරන බවයි පිළියන්දල පොලීසිය සඳහන් කළේ.

හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

WhatsApp Image 2023 04 15 at 4.32.35 PM 1
WhatsApp Image 2023 04 15 at 4.32.35 PM
WhatsApp Image 2023 04 15 at 4.32.36 PM 1
WhatsApp Image 2023 04 15 at 4.32.36 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?