බොරැල්ල පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි

බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ඊයේ (30) වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු අද (31) දිනයේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා ඔවුන්ට මුදල් ලබාදෙන බව පවසමින් බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික රෝහල තුළ මෙම මිනිස් අවයව ජාවාරම සිදුකරගෙන ගොස් තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

එහිදී වකුගඩු ලබාගැනීමේ සිද්ධියකට අදාළව පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් සහ කාන්තාවක් විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ, අනුව සිදුකළ විමර්ශන වලදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීට පෙරට අවස්ථා කිහිපයක දී මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33