බොරැල්ල දේවස්ථානයේ බෝම්බය තබන්න පනස්දහසක් දුන් සැකකරු සොයයි

බොරැල්ල, ආනන්ද රාජකරුණා මාවතේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ වරාය පොලිසියේ රඳවා ඇතැයි වාර්තා වේ.

65 හැවිරිදි වියේ පසුවන එම සැකකරු කඩවත ඉහළ බියන්විල පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඉකුත් ජනවාරි මස 11 වැනි දින බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන භූමියේ සුරුවමක් අසල තිබී කාල බෝම්බයක් ආකාරයෙන් තනන ලද මෙම අත්බෝම්බය හමුවී තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් එම දේවස්ථානයේ සිටි සේවකයෙකු ඇතුළු සිව් දෙනකු මෙන්ම දාහතර හැවිරිදි පිරිමි ළමයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වමින් සිටියදී කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකට ලද තොරතුරක් අනුව බෝම්බ තැබූ බව කියන පුද්ගලයා ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

එම පුද්ගලයා ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහුට බෝම්බයේ තැබීම සඳහා තවත් පුද්ගලයකු උපදෙස් ලබා දුන් බවත් ඒ සඳහා රුපියල් 50,000 මුදලක් ලබා දුන් බව සඳහන්.

එම පුද්ගලයා ලබාදුන් ප්‍රකාශ අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කොළඹට ආසන්න ප්‍රදේශයකට පිටත්ව ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ.

එම සැකකරු බෝම්බය තැබීමෙන් අනතුරුව කිසිදු කලබලයකින් තොරව ගමන් මල්ලක් අතින් දරාගෙන දේවස්ථාන භූමියේන් පිටවන අයුරු දේවස්තානයේ සවි කර තිබෙන සිසිටිවි කැමරාවේද සටහන් විය.

පොලිස්පති සී. ඩි‍. වික්‍රමරත්න මහතාගේ සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත කොළඹ දකුණු අපරාධ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ පවත්වයි.

(උපුටා ගැනීම : අද වෙබ් අඩවිය)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43