බොරැල්ලේ විශේෂ මෙහෙයුමකින් 35ක් අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහයුමකින් සැකකරුවන් 35ක් දෙනෙකු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

පොලීසිය, පොලිස් විශේෂ බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව ඊයේ (11) අලුයම් කාලයේ මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබෙනවා.

මෙම මෙහෙයුම්වල දී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 15ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු, ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 35ක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු සහ ගංජා මිශ්‍ර මදනමෝදක 91ක් සමඟ සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම කඩු 02ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු හා සැකපිට ප්‍රශ්නකිරීම සඳහා සැකකරුවන් 19දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) අලුත්කඩේ හා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04