බොරැල්ලේ ප්‍රධාන මාර්ගයක් ගිලා බසී

බොරැල්ල, මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළු වන මාර්ගයේ ගිලා බැසීමක් සිදු වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම ගිලා බැසීම නිසා එම මාර්ගයේ වාහන ගමනගමනට බාධා ඇති වී තිබෙන බවයි.

එම නිසා එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Screenshot 2025 08 21 091302


අපගේ නවතම වීඩියෝ පුවත්