බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද (11) දිනය තුළ පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.2ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 105.7ක් දක්වා පහළ ගොස් තිබෙනවා.