බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් අද දිවයිනට

බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් අද (26) දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පැවසුවේ මෙම නෞකාව මඟින් මෙට්‍රික් ටොන් 95,000ක බොරතෙල් තොගයක් රැගෙන එන බවයි.

තවත් ඉන්ධන තොග කිහිපයක් දිවයිනට ළඟා වීමට නියමිත අතර, ඉන්ධන මෙට්‍රික් ටොන් 9,500 ක් රැගත් නෞකාවක් හෙට (27) දිනයේ පැමිණීමට නියමිතයි.

මෙට්‍රික් ටොන් 36,000ක ඉන්ධන තොගයක් රැගත් නැවක් ලබන 28 වන දින පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම ඉන්ධන තොග පැමිණීමත් සමඟ ජුනි මස අවසානය දක්වා ජාතික ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37