බොන අයට අසුබ ආරංචියක්.. බෝතල්වල ගාණ වෙනස් වෙන හැටි මෙන්න

සුරාබදු දෙපාර්තමේන්තුව මද්‍යසාර සඳහා පනවා තිබූ බදු මුදල් ඉහළ දමා තිබේ.
ඒ අනුව මෙතෙක් දේශීය වශයෙන් විශේෂ අරක්කු සඳහා පනවා තිබූ රුපියල් 3,800ක එක් මද්‍යසාර ලීටරයක් සඳහා වූ බද්ද රුපියල් 380 කින් ඉහළ යනු ඇති.

ඒ අනුව නව බද්ද රුපියල් 4180 ක්.

මොලෑසස් තල්, පොල් හා පදම් කළ අරක්කු සඳහා තිබූ රු. 4050ක බද්ද රුපියල් 410කින් ඉහළට

නව බද්ද රුපියල් 4,460 ක්

මෙරට නිපදවන විස්කි, බ්‍රැන්ඩි,ජෙම්, රම් විදේශීය මත්පැන් මත අයකරන 4150ක තිබූ බද්ද 420 කින් ඉහළට

නව බද්ද රුපියල් 4,570 ක්

මෙරට වැඩි වශයෙන් පරිභෝජනය කරන බද්ද 5%කට වඩා මධ්‍යසාර ප්‍රතිශතය අඩු බියර් වර්ග මත රුපියල් 3,200ක් වශයෙන් පනවා තිබූ බද්ද 3,300 දක්වා රුපියල් 100කින් ඉහළට

5%කට වඩා මධ්‍යසාර ප්‍රතිශතයකින් වැඩි බියර් මත රුපියල් 3,200ක්ව පැවති බද්ද රුපියල් 3,450 දක්වා රුපියල් 250 කින් ඉහළට

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, ලීටරයක් මත පනවා තිබූ බදු වැඩි කිරීම අනුව ඒ ඒ මත්පැන්වල අඩංගු වන මධ්‍යසාරවල ප්‍රතිශතය අනුව නිෂ්පාදකයින් විසින් සිල්ලර මිල හා තොග මිල තීරණය කිරීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය යුතු බවයි.

මෙම නව බදු නිවේදනය අද (13) සිට බලාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28