බොන්ඩි වෙරළේ වෙඩික්කරුවන් පියා සහ පුතා බව හෙළිවෙයි – මියගිය ගණන 15 දක්වා ඉහළට

සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව නිව් සවුත් වේල්ස් පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 10 සහ 87 යන වයස්වල පසුවන්නන් බවයි එම පොලිසිය සඳහන් කළේ.

බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) පැවති යුදෙව් ජාතිකයින්ගේ ‘හනුක්කා’ සැමරුම් උත්සවයකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබූ අතර, වෙඩික්කරුවන දෙදෙනා පියා සහ පුතා බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

50 හැවිරිදි පියා සිද්ධිය සිදුවූ ස්ථානයේදීම මිය ගිය අතර, 24 හැවිරිදි පුතා තවමත් අසාධ්‍ය තත්ත්වයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නිව් සවුත් වේල්ස් පොලිසිය පවසන්නේ මෙම ක්‍රියාව ත්‍රස්තවාදී සිදුවීමක් ලෙස සලකන බවයි.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, මෙම ප්‍රහාරය යුදෙව් ප්‍රජාව “හිතාමතාම ඉලක්ක කරගත්” “නපුරු ක්‍රියාවක්” ලෙස හඳුන්වනවා.

මේ ආතර මියගිය 50 හැවිරිදි තුවක්කුකරු විනෝදාත්මක දඩයම් කිරීම සඳහා ගිනි අවි බලපත්‍රයක් සඳහා සුදුසුකම් සපුරා ඇති අයෙක් බවට ද අනාවරණය වී තිබෙනවා.

ඔහු තුවක්කු සමාජයක සාමාජිකයෙකු වූ අතර ගිනි අවි පනතේ ස්වභාවය අනුව ගිනි අවි බලපත්‍රයක් නිකුත් කිරීමට හිමිකම් ඇති බවයි හෙළිවී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21