බේරේ වැව පිරිසිදු කිරීම ගැන නියෝජ්‍ය ඇමති එරංගගෙන් පැහැදිලි කිරීමක්

කොළඹ නගරය මධ්‍යයේ පිහිටි බේරේ වැව දූෂණයට ලක්ව පැවතීම සහ ඒ ආශ්‍රිතව හමනු ලබන අධික දුර්ගන්ධය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතා බහක් නිර්මාණය වුණා.

බේරේ වැව පිරිසිදු කිරීම සහ එම ක්‍රියාදාමයේ තත්ත්වය පැහැදිලි කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර විසින් සිය මුහුණුපොත වෙත සටහනක් එක්කර තිබුණා.

ඒ මඟින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් බේරේ වැවේ ස්ථාන 35ක ජලයේ තත්වය පරීක්ෂා කර ඇති බවත් එම පරීක්ශනවල ප්‍රතිඵලයක් ලෙස නයිට්‍රජන්, පොස්පරස්, ඇමෝනියා වැනි අහිතකර ද්‍රව්‍ය ඉතා ඉහළ මට්ටමක පැවති බවට අනාවරණය වූ බවයි.

එමෙන්ම ජලයේ ඔක්සිජන් ප්‍රමාණයට බලපෑම් කරන දූෂක ද්‍රව්‍යත් විශාල ප්‍රමාණයක් එකතු වී ඇති බවට අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සටහනේ පෙන්වා දී තිබෙනවා.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පාවෙන කුණු සහ සුන්බුන් ඉවත් කිරීම්, ජලජ වල් පැළෑටි ඉවත් කිරීම්, වැව් ඉවුරු පිරිසිදු කිරීම්, වතුරේ තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සහ දූෂණයට හේතු හඳුනා ගැනීම වැනි ක්‍රියාකාරයකම් බේරේ වැව ආශ්‍රිතව ආරම්භ කළ බවට නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පෙන්වා දෙනවා.

බේරේ වැව පිරිසිදු ජල මූලාශ්‍රයක් බවට පත් කිරීමේ වගකීම රජයට හෝ වෙනත් ආයතනයකට හෝ පමණක් භාර කළ නාකි බවට පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම, ජල මූලාශ්‍රයට හානී නොකිරීම වැනි ක්‍රියාකාරකම් හරහා එම කටයුතු සඳහා පොදු ජනතාවගේ ද සහයෝගය අත්‍යවශ්‍ය වන බවයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර විසින් මුහුනුපොත වෙත එක්කර තිබූ සම්පූර්ණ ස්ථාන පහතින්,

“පහුගිය කාලෙම දැඩි කතාබහකට ලක් වුන බේරේ වැවේ ප්‍රශ්නයේ දැන් තත්වය මොකක්ද ??? ඒ ආපු දුර්ගන්ධය අවසන්ද ??
අවුරුදු ගනාක් තිස්සේ නගරය වේගයෙන් සංවර්ධනය වෙනවත් එක්ක බේරේ වැව අවට සිදුවූ මිනිස් ක්‍රියාකාරකම් නිසා අපද්‍රව්‍ය, අපජලය සහ නාගරික කුණු මේ බේරේ වැවට එකතු වෙන්න පටන් ගත්තා …! ඒ නිසා කාලයක් තිස්සේ බේරේ වැව ටිකෙන් ටික අපවිත්‍ර වෙන්න පටන් ගත්තා වගේම ඇල්ගී සහ සයනොබැක්ටීරියා පැතිරෙන්න පටන් ගත්ත නිසා වැවේ තිබුණු ලස්සන පෙනුමත් නැති වෙලා ගියා….!
මේ තත්ත්වය පරිසරයට විතරක් නෙවෙයි, බේර වැව අවට ජීවත් වෙන ජනතාවටත් කොළඹට එන යන ජනතාවටත් විවිධ ගැටලු ඇති කරන හේතුවක් වෙලා තියෙනවා……!
මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න බේරේ වැවේ සංවර්ධන කටයුතු සිදුකරන ආයතනවලට පැවරුණා. බේරේ වැවේ අයිතිය සහ නඩත්තු කටයුතු භාරව හිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට වුණත්, වැවේ ජලය නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට භාර දීලා තිබුණා….!
ඒ වගකීම අනුව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් බේරේ වැවේ තැන් 35ක ජලයේ තත්වය පරීක්ෂා කළා….! ඒ පරීක්ශනවල ප්‍රතිඵලයක් විදියට නයිට්‍රජන්, පොස්පරස්, ඇමෝනියා වගේ අහිතකර ද්‍රව්‍ය ඉතා ඉහළ මට්ටමක තිබුණු බව දැනගන්න ලැබුනා….!
ඒ වගේම වතුරේ ඔක්සිජන් ප්‍රමාණයට බලපාන දූෂක ද්‍රව්‍යත් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙන බවත් අනාවරණය කරගන්න පුලුවන් වුනා…..! මේ තත්වයෙන් අපිට තේරුම් ගන්න පුලුවන් බේරේ වැව බරපතළ විදිහට දූෂණය වෙලා කියලා…..!
ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරන්න ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පාවෙන කුණු සහ සුන්බුන් ඉවත් කිරීම්, ජලජ වල් පැළෑටි ඉවත් කිරීම්, වැව් ඉවුරු පිරිසිදු කිරීම්, වතුරේ තත්ත්වය නිතර පරීක්ෂා කිරීම සහ දූෂණයට හේතු හඳුනා ගැනීම වගේ ක්‍රියාකාරයකම් බේරේ වැව ආශ්‍රිතව සිදු කිරීම ආරම්භ කලා…..!
ඒ වගේම ගංගාරාමය ආසන්න නිරිත දිග ප්‍රදේශයේ බේරේ වැවේ එකතු වෙලා තිබුණු රොන්මඩ ඉවත් කිරීමත් මේ වෙනකොට සිදු කරගෙන යනවා….! ඒ හරහා නඩත්තු කටයුතු වඩාත් පහසුවෙන් කරන්න, බෝට්ටු ගමනාගමනයට පහසුකම් සලසන්න වගේම වතුර හොඳින් සංසරණය වෙන්න අවශ්‍ය පසුබිම සකස් වෙනවා….!
මොන දේ උනත් බේරේ වැව පිරිසිදු කරලා හොඳ ජල මූලාශ්‍රයක් බවට පත් කරන වගකීම රජයට හරි,වෙන ආයතනයකට හරි විතරක් භාර දෙන්න බෑ…! ඒකට අපි හැමෝගෙම සහයෝගය අත්‍යවශ්‍යයි…! අපේ අපද්‍රව්‍ය හරි විදිහට බැහැර කරලා, ජල මූලාශ්‍රයට හානී නොවෙන විදිහට කටයුතු කළොත්, පිරිසිදු බේරේ වැවක් වගේම පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනඟන ගමනට අපි හැමෝටම දායක වෙන්න පුළුවන්…!”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42
Video thumbnail
කවුරුත් බේබද්දෝ නෑ මෙතන - ඇල්ලේ කුණු මෙහෙට එපා..මහලොකු මන්ත්‍රී - ගම වෙනුවෙන් එක වචනයක් නෑ
09:47
Video thumbnail
තද සුළං සමඟ ගාල්ලට ඇඳහැලුණු මහ වැස්ස
01:22
Video thumbnail
"මන්ත්‍රීකෙනෙක් වෙලා දෙකයි පනහේ වැඩ කරන්න එපා" - මාලිමා මන්ත්‍රීට ගම්මුන්ගෙන් විරෝධයක්
09:44