බේරේ වැවට යළිත් ප්ලේන් බාන්න සැරසෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක හා දේශීය ගුවන් සේවා කර්මාන්තයට නව ජීවයක් ලබාදෙමින් එහි නවතම මුලපිරීමක් ලෙස ජලයේ ගොඩබස්වන ගුවන් යානා මෙහෙයුම් සඳහා උචිත වන පරිදි කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් ලෙස යළි හඳුන්වාදීම හා එහි මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත් වුණා.

Saffron Aviation (Pvt) Ltd සමාගමට අයත් “Cinnamon Air” අනු සමාගම විසින් කොළඹ නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික බේරේ වැව ආශ්‍රිතව ගුවන් යානා මෙහෙයුම් සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, ඒ සඳහා වන ඉදිරි සැලසුම් සමාලෝචනය කිරීම සඳහා අදාළ ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්රැස් කිරිම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණක් වී තිබුණා.

ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සපයන ආයතනයක් වන “Cinnamon Air” ආයතනය, ජලයේ පාවෙන ගුවන් යානා මෙන්ම ගොඩබිම හැසිරවිය හැකි ගුවන් යානා සේවා පිළිබඳ විශේෂඥ සමාගමක් වශයෙන් කොළඹ නගරයේ හදවත බඳු බේරේ වැවේ ජලතලය, උඩුගුවන හා ඉන් ඔබ්බට යළි සම්බන්ධ කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතයි.

සාකච්ඡාව ආරම්භයේ දී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමේ රජයේ පුළුල් දැක්ම පිලිබඳ කරුණු ඉස්මතු කළා.

දෙස් විදෙස් සංචාරකයින්ට මෙරට සුන්දරත්වය සියැසින් දැක බලාගනිමින් අත් විඳිය හැකි වේගවත් මාධ්‍යයක් ලෙස දේශීය ගුවන් සේවා කර්මාන්තය මේ අයුරින් සංවර්ධනය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කර සිටියා.

බේරේ වැව ආශ්‍රිතව මීට පෙර සිදුකරනු ලැබූ ජලාශ්‍රිත ගුවන් යානා මෙහෙයුම්වල ඓතිහාසික පසුබිම, මෙම ගුවන් මෙහෙයුම්වලට අදාළ වන සමස්ත ආරක්‍ෂාව හා සම්බන්ධ සලකා බැලීම්, ගුවන්යානා ආරක්‍ෂිතව ගුවන්ගත වීමේ සහ ගොඩබෑමේ ක්‍රියාවලිය සහ ඇතිවිය හැකි පාරිසරික ගැටළු වගකීමෙන් යුතුව විසඳීමේ අවශ්‍යතාවය ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයක් පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට නව බලාපොරොත්තු එක් කරන මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහ තිරසාරභාවය සහතික කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් අතර ඵලදායී සහයෝගීතාවයක් වර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ද එහිදී අවධාරණය කෙරුණා.

සාකච්ඡා අවසානයේ ආරක්ෂක ලේකම්වරයා මේ සඳහා සහභාගී වූ සියලු පාර්ශවකරුවන්ගේ කැපවීම අගය කළ අතර, බේරේ වැව පරිශ්‍රයේ සිට දිවයිනේ අනෙකුත් ගමනාන්ත වෙත ගුවන් ගමන් සේවා නැවත ස්ථාපිත කිරීම කඩිනම් කිරීම සඳහා අවශ්‍ය අඛණ්ඩ සම්බන්ධීකරණය වෙනුවෙන් දිරිමත් කළා.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට මෙන්ම ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අවශ්‍ය පිළියම් හඳුනාගැනීමට ඉදිරියේදී යළිත් වරක් රැස්වීමක් පැවැත්විය යුතු බවට ද ඔහු යෝජනා කර සිටියා.

බේරේ වැවේ සිට ක්‍රියාත්මක කෙරුණු ගුවන් යානා මෙහෙයුම් නැවත හඳුන්වාදීම තුළින් මෙම නව ගුවන් මෙහෙයුම් වලට අදාළ සැලසුම් ඉදිරියට පවත්වාගෙන යාම ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක භූ දර්ශනය පොහොසත් කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58