බේරුවල කාන්තාවන් 9 දෙනාගේ බූරුපිටිය පොලිසිය වටලයි

බේරුවල ,අඹේපිටිය ප්‍රදේශයේ නිවසක දීර්ඝ කාලයක සිට රාත්‍රී කාලයේ කාන්තාවන් 9 දෙනෙකු විසින් පවත්වාගෙන ගිය බූරු පිටියක් වටලා කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී සිදු කළ වැටලීමේදී සැකකාර ගැසූ කාන්තාවන් 9දෙනා, මුදල් රුපියල් පහළොස් දහසක්, බූරු කුට්ටමක්, පැදුරක් ඇතුළු නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කාලයක සිට රාත්‍රී කාලයේ රූපවාහිනී ටෙලිනාට්‍ය විකාශය වන වෙලාව ඇතුලත මෙම බූරුපිටිය ක්‍රියාත්මක වී ඇති අතර ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම බූරුපොළහි ජංගම දුරකතන ද සහිතව ඔත්තු බැලීම සඳහා දෛනිකව මුදල් ගෙවීමේ පදනම මත වයස අවුරුදු 70ක කාන්තාවක් හා අවුරුදු 65ක් වන පිරිමියෙකු යොදවා තිබු බවටයි අනාවරණ වී ඇත්තේ.

කාලයක සිට රාත්‍රී කාලයේ මෙම බූරුපොළ ක්‍රියාත්මක වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමේදී වයස අවුරුදු 30ත් 50ත් අතර කාන්තාවන් 9දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සියලු කාන්තාවන් විවාහක අය වන අතර දරුවන් සිටින මව්වරු බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මුදල් පොලියට දෙන කාන්තාවන් කිහිප දෙනෙකු ද බූරුවා ගැසීමට පුරුදුව සිටින බවත් සූදු ඔට්ටුවෙන් පරදින කාන්තාවන්ට ඒ මොහොතේම මුදල් පොලියට දීමේ ජාවාරමක් ද මෙම සූදු පිටිය තුල සිදුව තිබෙන බවයි හෙළිවී ඇත්තේ.

ඇතැම් දිනවල මෙහි රුපියල් ලක්ෂ ගණනින් මුදල් සංසරණය වී ඇති බව ද සඳහන්.

අත්අඩංගුවට ගත් කාන්තාවන් 9දෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට දින නියම කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20