බේකරි නිෂ්පාදන අලෙවිසැලක හදිසි පිපිරීමක්

රත්නපුර මධ්‍යම බස් නැවතුම ආසන්නයේ පිහිටි බේකරි නිෂ්පාදන අලෙවිසැලක අද(16) පෙරවරුවේ හදිසියේ පිපිරීමක් සිදුව තිබේ.

ගෑස් ටැංකියක් පිපිරීමෙන් ඇති වූ ගින්නෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර තවත් කිහිපදෙනෙකු සුළු පිලිස්සුම් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

පිපිරීමත් සමග ඇති වූ ගින්නෙන් එම අලෙවි හලට දැඩි හානි සිදුව තිබෙන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.