බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ඩුබායි හිදී ඇල්ලූ සැකකරු රිමාන්ඩ්

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඊයේ (07) දිවයිනට රැගෙන ආ රන්මුනි මහේෂ් හේමන්ත සිල්වා නැමැති සැකකරු අද (08) දිනයේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී ඔහුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

පොලිස් සේවයේ වැඩ තහනමට ලක්ව සිටි මෙම සැකකරු; පසුගිය වසරේ ජනවාරි මස 22 වනදා බෙලිඅත්ත, කහවත්ත ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් වනවා.

මෙම අපරාධය සිදුකර විදෙස් ගතව සැඟව සිටි මොහු ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (07) දිනයේ මෙරටට රැගෙන ආවා.

අනතුරුව මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාරදුන්නේ බෙලිඅත්ත පොලිස් ස්ථානය වෙතටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04