බෙලිඅත්ත පංච පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරුවෙක් පොලිසියට භාරවෙයි

පසුගිය මස 22 වන දා බෙලිඅත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (06)දින නීතිඥවරයෙක් මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 24ක් වු ඉබුල්ගොඩ, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.