බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ පැටිකිරිය මෙන්න – සැකකරුවෙක් අත්අඩංගුවට (වීඩියෝ)

බෙලිඅත්තේදී සිදු වු පංච පුද්ගල ඝාතනය කොස්ගොඩ සුජිගේ මාමා සහ සහෝදරයා ඝාතනය කිරීමට පලිගැනීමක් වශයෙන් සිදු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඝාතකයින් පැමිණි ජිප් රථය ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් භූමියේ අත්හැර දමාගොස් තිබියදී සොයාගැනිමට හැකිව තිබෙනවා.

මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සමන් කුමාර නැමැත්තෙකු අත්අඩංගුවට ගැනිමට විමර්ශන කටයුතු මෙහෙයවන විශේෂ පොලිසි ඒකකයක් සමත් වුණා.

දක්ෂින අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි 05 දෙනෙකු ඝාතනයට ලක් කෙරුණු පසුගිය 22 වැනිදා අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ද ඒම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වුණා.

දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී විසින් මෙම පංච පුද්ගල ඝාතනය මෙහෙයවා ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශන වලදී අනාවරණය කරගෙන තිබෙනවා.

දැනට ලැබි ඇති සාක්ෂි අනුව පොලිසිය සැක කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කලක සිට දෙපාර්ශවය අතර පවතින ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

2004 වර්ෂයේදී කොස්ගොඩ පොලිස් වසමේදී කොස්ගොඩ සුජී ගේ මාමා සහ සහෝදරයා ඝාතනය කිරීම සහ 2016 වර්ෂයේ ගාල්ල පොලිස් වසමේදී ඔහුගේ ඥාතියෙකුද ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සමන් පෙරේරා ඇතුළු පාර්ශවයට චෝදනා එල්ල වී තිබුණා.

එම ඝාතනයන්ට පලිගැනිමක් ලෙස කොස්ගොඩ සුජී විසින් 2018 වර්ෂයේදී ඉඳුරුව ප්‍රදේශයේදී සමන් පෙරේරා ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකළ ද එම උත්සාහය සාර්ථක වූයේ නැහැ.

ඝාතනයට ලක් වූ සමන් පෙරේරාට ද මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩු රැසක් පවතින බව මේවන විට විමර්ශන නිලධාරීන් වෙත අනාවරණය වී තිබෙනවා.

ඔවුන් ඝාතනයට ලක් වූයේද 2022 වසරේ ජුනි මස 05වැනිදා කුඩාවැල්ල ධීවර වරායේ දී අසේල සම්පත් නැමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවට පෙනි සිටීම සඳහා තංගල්ල අධිකරණය වෙත ගමන් කරමින් සිටියදී.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් පත් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ කාර්ය බලකාය ඇතුළු අංශ කිහිපයක සහාය ද ලබාගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පොලිසිය පවසනවා.

බෙලිඅත්තේදි ඝාතනය සිදු කිරිමට පැමිණි බවට සැකකරෙන ජීප් රථය ගමන්ගත් මාර්ගයේ CCTV දර්ශන ඔස්සේ ඔවුන් පැමිණි ගමන්මග පිලිබඳව විමර්ශන ආරම්භ කෙරුණා.

ඒ අනුව, වෙඩි තැබීම සිදු කිරීමට පැමිණි ජීප් රථය බෙලිඅත්ත ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථය පසුපසින් ගමන් කළ අකාරය දැක්වෙන විඩියෝවක් හඳුනා ගැනිමට පොලිසියට හැකි වුණා.

වෙඩි තැබීමෙන් පසු අදාළ ජීප් රථය කඹුරුපිටිය නගරය ඔස්සේ ගමන් කරන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණු අතර ඒ වන විට වේලාව පෙරවරු 8.57 ලෙස දැක්වුණා.

පසුව එම ජීප් රථය කඹුරුපිටිය නගරයේ නවත්වා ඉන් පුද්ගලයෙකු බැස යන අයුරුද දැක ගත හැකි අතර මදක් ඉදිරියට ගමන් කරන එම පුද්ගලයා ආපසු ජීප් රිය පැමිණි දිශාවටම ඇවිද එනවා.

ඔහු ප්‍රධාන වෙඩික්කරු බවට විශ්වාස කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අදාළ සිසීටිවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරු අනුව සැකසුණු සැකකරුගේ ඡායාරූප ඇතුළත් තොරතුරු මේ වන විට ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියටද යොමුකර තිබෙනවා.

මේ අතර, දකුණේ අපරාධ රැසකට සම්බන්ධ විදේශගතව සිටින කොස්ගොඩ සුජීගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහාය ලබාදෙන සියලුම සහායකයින්ගේ ජාලගත විස්තර වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
24
+1
0
+1
6
+1
6
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12