බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 22 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධයට ආධාර සහ අනුබල ලබාදීමේ චෝදනාව මත මෙම සැකකාරියන් දෙදෙනා ඊයේ (29) පෙරවරුවේ රත්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් දෙදෙනා බූස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 33 යන වයස්වල අය බවයි වාර්තා වන්නේ.

සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අපරාධය සඳහා යොදාගත් ගිනිඅවි දෙක මෙම එක් සැකකාරියකට අයත් යතුරුපැදියකින් කරාපිටිය ප්‍රදේශයේ සිට බූස්ස ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මෙම අපරාධය මෙරට සිට මෙහෙය වූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පසුගිය දා පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඒ, අනුව මෙම අපරාධය මෙහෙයවා ඇති බව කියන සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙක් සහ අපරාධය සඳහා පැමිණි 65-2615 දරණ මිට්සුබිෂී පෙජරෝ ජීප් රථය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට අපරාධය සැලැසුම් කර ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වුණේ.

මේ අතර මෙම ඝාතන සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ විමර්ශනවලට අනුව පසුගිය 25 වනදා රාත්‍රියේ දී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරුවන් ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 සහ 35ක් වන පුද්ගලයින් දෙදෙනෙක්.

ගාල්ල, වංචාවල ප්‍රදේශයේ දී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.

එමෙන්ම එම ඝාතන සඳහා භාවිත කළ ගිනිඅවි සන්තකයේ තබාගත් බවට සැකකෙරෙන පුද්ගලයා ද අත්අඩංගුවට පත් වුණා.

ඔහු 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ගාල්ල, රත්ගම ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව මේ වනවිට මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙක් සහ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල මහාධිකරණයේ නඩුවකට පෙනීසිටීම සඳහා පැමිණි අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් ප්‍රසන්න පෙරේරා ඇතුළු පස්දෙනෙක් පසුගිය 22 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ දී ජීප් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනයකර පළාගොස් තිබුණා.

දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී නැමැත්තා විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12