බෙලිඅත්තේ ඝාතනයට ඇල්ලූ සැකකරුවන් දෙදෙනා ගැන තොරතුරු හෙළිවෙයි (වීඩියෝ)

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විදේශයක සිට අදාළ අපරාධය මෙහෙයවූ පුද්ගලයන් සමග සම්බන්ධ වෙමින් ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

ඊයේ අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුවයි මාගාල්ල සහ වංචාවල ප්‍රදේශයේ වැටලීම සිදු කර තිබුණේ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වංචාවල සහ මාගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 35 වයස්වල පසුවන දෙදෙනෙක්.

මාගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 25 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 100ක්, ඝාතනයට ඔත්තු බැලීම වෙනුවෙන් යොදා ගත් යතුරුපැදිය සහ ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

වංචාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 200ක්, ජංගම දුරකථන දෙකක් සහ උල් පිහියක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලිසියට භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12