spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බෙලිඅත්තේ ඝාතනයට ඇල්ලූ සැකකරුවන් දෙදෙනා ගැන තොරතුරු හෙළිවෙයි (වීඩියෝ)

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විදේශයක සිට අදාළ අපරාධය මෙහෙයවූ පුද්ගලයන් සමග සම්බන්ධ වෙමින් ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

ඊයේ අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුවයි මාගාල්ල සහ වංචාවල ප්‍රදේශයේ වැටලීම සිදු කර තිබුණේ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වංචාවල සහ මාගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 35 වයස්වල පසුවන දෙදෙනෙක්.

මාගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 25 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 100ක්, ඝාතනයට ඔත්තු බැලීම වෙනුවෙන් යොදා ගත් යතුරුපැදිය සහ ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

වංචාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 200ක්, ජංගම දුරකථන දෙකක් සහ උල් පිහියක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලිසියට භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?