බෙල්ල කසන නිසා ගැලවූ ලක්ෂ 22ක රන් තැල්ල ගුරුවරියක් සොරකම් කරලා

උඩප්පුව ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් විසින් තම ගෙළෙහි තිබූ රන් මාලය ගලවා තබා තිබියදී එය සොරකම් කළ තවත් ගුරුවරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගුරුවරිය තමාගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ 22ක් පමණ වටිනා රන් තැල්ල ගලවා මුදල් පසුම්බියක දමා තිබියදී එය එම විද්‍යාලයේ ම ගුරුවරියක් විසින් සොරකම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

උඩප්පුව ආඬිමුනෙ පදිංචි 26 හැවිරිදි සැකකාර විවාහක ගුරුවරිය උඩප්පුව පොලිසිය විසින් අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ පාසලේ 26 හැවිරිදි ගුරුවරියකට ඇයගේ සැමියා විසින් මංගල දින ගෙලට දමන ලද රන් තැල්ල සහ මාලය පාසලට දමා ගෙන පැමිණ සිටියදී සොරකම සිදුවී ඇති බවයි.

එම ගුරුවරියගේ ගෙල ප්‍රදේශයේ ඇති වූ කැසීමක් හේතුවෙන් අදාළ රන් තැල්ල සහ මාලය ගලවා මුදල් පසුම්බියට දමා දරුවන්ට ඉගැන්වීම් සිදු කර තිබෙනවා.

ඒ සමගම මෙම ගුරුවරිය ඇතුළු ගුරු මණ්ඩලයට උදෑසන 8.30ට පමණ විදුහල්පතිවරයා විසින් රැස්වීමක් පවත්වා ඇති අතර එය අවසන් වී ඇත්තේ 11.30ට පමණ බව සඳහන්.

රැස්වීම අවසන් වී නැවත පංති කාමරයට ගිය මෙම ගුරුවරිය මුදල් පසුම්බියට දැමූ රන් මාලය හා තැල්ල නොමැති බව දැන ගැනීමෙන් පසු එය සොයා ඇති අතර එය කිසිවකු විසින් සොරා ගෙන ඇති බවට වැටහීමෙන් පසු විදුහල්පතිවරයාට දැනුම්දී තිබෙනවා.

රන් මාලය සහ තැල්ල පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොලැබීම හේතුවෙන් මෙම ගුරුවරිය සිසු සිසුවියන්ගෙන් විමසා ඇත්තේ තමන් විදුහල්පති කාමරයට ගිය පසු පංති කාමරයට කිසිවකු පැමිණියේ ද යන්නයි.

එහිදී දැන ගන්නට ලැබී ඇත්තේ වෙනත් ගුරුවරියක් පැමිණ මෙම ගුරුවරියගේ බෑගය විවෘත කර කිසිවක් සොයා ආපසු යන ආකාරය දුටු බවයි.

මේ පිළිබඳ උඩප්පුව පොලිසියට කළ පැමිණිල්ලෙන් පසුව සැකකාර ගුරුවරියගෙන් පොලිස් නිලධාරීන් දිර්ඝව ප්‍රශ්ණ කිරීම් සිදු කර තිබෙනවා.

එම සැකකාර ගුරුවරිය සිදු කළ ප්‍රකාශවලින් හෙළිවී ඇත්තේ පාසලේ ආරක්‍ෂිත වැටක් අසල වැලි සහිත පොළොවේ කුඩා වලක් අතින් හාරා එහි මෙම රන් මාලය හා රන් තැල්ල සඟවා ඇති බවයි.

එම ස්ථානයේ තිබී අදාළ රන් මාලය සහ තැල්ල සොයා ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

සැකකාර ගුරුවරිය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
8
+1
7
+1
4
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38