බෙල්ලන්විල පෙරහැර නිසා රථ වාහන ධාවනයේ වෙනසක්

බෙල්ලන්විල රජමහා විහරයේ වාර්ෂික මහා පෙරහර හේතුවෙන් හෙට (17) සිට විහාරස්ථානය අවට මාර්ගවල රථ වාහන ධාවනයේ වෙනසක් සිදු කරන බව පොලිසිය පවසනවා.

පෙරහැර හෙට සිට 20 වනදා දක්වා රාත්‍රී 7ට විහාරස්ථානයෙන් ආරම්භ වී වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව හෙට සිට පෙරහැර ගමන් ගන්නා කාලය තුල මාර්ග කිහිපයක් වසා තැබෙන බැවින් එම මාර්ගයෙන් ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

Bellanwila Traffic1
Bellanwila Traffic2 scaled