බෙන්තර ගඟේ බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – දෙදෙනකු අතුරුදන්

බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් ඊයේ (22) රාත්‍රියේ එකිනෙකට මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව අලුත්ගම පොලිසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන ගමන් කළ බෝට්ටුවක් සහ බෙන්තර පොලිස් බල ප්‍රදේශයේ පිහිටි සංචාරක බෝට්ටුවක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බවයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් පැමිණි බෝට්ටුවේ දෙදෙනකු බවත් කිසිවෙකුගේ අනන්‍යතාව මෙතෙක් හෙළි ව නොමැති බවත් පැවසෙනවා.

බෙන්තර අගමැති බංගලාව ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක් ඉදිරිපිට අනතුර සිදු ව තිබෙනවා.

හෝටලයේ බෝට්ටු සහ අවට පිහිටි ජල ක්‍රීඩා සංගම්වල බෝට්ටු ආධාරයෙන් අතුරුදන් වූ දෙදෙනා සොයා මේ වනවිට විමර්ශන සිදු කරන බවත් නාවික හමුදාවේ සහාය ද ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15