spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බූස්ස බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුමක්

බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකින් ඉතා සුක්ෂම ලෙස සිර මැදිරි තුළ සඟවා තිබු සිම්පත් සහිත ජංගම දුරකථන සහ උපාංග පොලිස් විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බූස්ස කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව මෙම හදිසි සෝදිසිය සිදු කර ඇත්තේ.

මෙම මෙහෙයුමේදී A හා D වාට්ටු තුල සූක්ෂම ලෙස සඟවා තිබු සිම්පත් සහිත ජංගම දුරකථන 02ක්, සිම් පත් 02ක් සහ පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාජර් 02ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒවා ඉදිරි විමර්ශන කටයුතු සදහා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීවරයාගේ කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?