බූස්ස බන්ධනාගාරයෙන් හමු වූ දූරකථන උපාංග ඇතුළු මත්ද්‍රව්‍ය තොගය

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ කළ හදිසි සෝදිසි කිරීමක දී ඉතා ඉහළ වටිනාකමක් ඇති ජංගම දුරකථන ඇතුළු උපාංග විශාල ප්‍රමාණයක් හා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම වැටලීම සිදු කර ඇත්තේ; විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

මෙම වැටලීම බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයයේ A,B,C හා D යන වාට්ටු තුළ සිදු කර තිබෙනවා.

එහි දී ජංගම දුරකථන 11 ක්, සිම්පත් 13 ක්, චාජර්, පොකට් රවුටර්, අමතර බැටරි, ඩේටා කේබල්, ඇඩප්ටර් හා තවත් උපකරණ සමග හෙරොයින් ග්‍රෑම් 03‍යි මිලිග්‍රෑම් 150ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක්, දුම් කොළ කැබලි සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.

පොලිස් භාරයට ගත් නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ගැන ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - අත්අඩංගුව ගන්න
17:24
Video thumbnail
සුනිල් වටගල සහ සජීව මැදවත්ත හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි...
00:32
Video thumbnail
සෙනඟ මැදින් ආ වටගල හිටපු පොලිස්පතිට සමුදෙයි
01:20
Video thumbnail
නාමල් තමයි මේ ආණ්ඩුවට අභියෝගය - මෙච්චර බයික් එයි කියලා අපි හිතුවේ නෑ
03:18
Video thumbnail
මරික්කාර්, රෝසි, ටිරාන් පෝලිමට හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:34
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල අවසන් ගෞවර දක්වන්න එයි
01:21
Video thumbnail
ශිරන්ති තනියෙන්ම හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
01:12
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ශිරන්ති රාජපක්ෂ පැමිණි මෙහොත...
00:43
Video thumbnail
පරීක්ෂණවලට අපි බය නෑ - නාමල් ආණ්ඩුව සැරටම අමතයි
11:15
Video thumbnail
නාමල් බයික් පෙරහැරක් මැදින් ගැම්මෙන් පුත්තලමට ගිය හැටි
01:27