spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ සී.සී.ටී.වී. කැමරා 23ක් කඩලා

දරුණු ගනයේ සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ විශේෂ අංශයේ ඒ වාට්ටුවේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා (සී.සී.ටී.වී) 23කට හානි සිදුකර ඇති බව වාර්තා වනවා.

ඇඹිලිපිටිය බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන ආ රැඳවියෙකු විසින් මෙම ආරක්ෂිත කැමරා කඩාබිඳ දමා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම රැඳවියා මීට පෙර ද කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් විවිධ බන්ධනාගාරයන් තුළ රඳවා ඇති අතර, පොදු දේපළවලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවතින බවයි වාර්තා වුණේ.

මෙම ක්‍රියාව යම්කිසි සිදුවීමකට පෙර සූදානමක් බවට සැකකරන අතර, මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනියගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?