බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ සී.සී.ටී.වී. කැමරා 23ක් කඩලා

දරුණු ගනයේ සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ විශේෂ අංශයේ ඒ වාට්ටුවේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා (සී.සී.ටී.වී) 23කට හානි සිදුකර ඇති බව වාර්තා වනවා.

ඇඹිලිපිටිය බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන ආ රැඳවියෙකු විසින් මෙම ආරක්ෂිත කැමරා කඩාබිඳ දමා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම රැඳවියා මීට පෙර ද කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් විවිධ බන්ධනාගාරයන් තුළ රඳවා ඇති අතර, පොදු දේපළවලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවතින බවයි වාර්තා වුණේ.

මෙම ක්‍රියාව යම්කිසි සිදුවීමකට පෙර සූදානමක් බවට සැකකරන අතර, මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනියගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04