බූස්ටර් ගැන අලුත් කතාව

පවතින තත්ත්වය යටතේ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීම අඛණ්ඩව සිදුකළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වාදෙයි.ඔහු එලෙස පැවසුවේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ස්වභාවය අනුව රෝග ලක්ෂණ රහිත හෝ අවම රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන් සමාජය තුළ සිටිය හැකි බව පවසමින් ය.

නව කොවිඩ් මරණ 32ක් වාර්තා වීම පිළිබඳ ඒ මහතා මෙලෙස පවසා සිටියා.

“අපි කවුරුත් දන්නා පරිදි ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් රටේ හමුවන රෝගීන්ගෙන් බහුතරයක් බවට හඳුනාගෙන තිබෙනවා. නමුත් සුළුවෙන් හෝ තවමත් ඩෙල්ටා රෝගීනුත් ඉන්න බවත් අමතක කරන්න බැහැ. මේ දක්වා මරණ හා සංකූලතා ඇති කිරීමට එම ප්‍රභේදයත් හේතුවෙනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑ. පොදුවේ ගත්තහම අද තියෙන තත්ත්වය තමා රෝගීන් වැඩිවෙලා තියෙනවා. ඔමික්‍රෝන් රෝගයේ ස්වභාවය නිසාම රෝග ලක්ෂණ නොමැති හෝ අවම රෝග ලක්ෂණ සහිතව අපි අතරේ තවත් කණ්ඩායමක් ඉන්න ඉඩ තියෙනවා. ඒ අය තමා බොහෝ වෙලාවට අපිට නොදැනුවත්ව මේ රෝගය බෝ කරන්නේ. ඒ නිසා අපි අපේ ආරක්ෂාව සඳහා සෞඛ්‍ය පුරුදු පිළිපඳින්න. සියලුදෙනා එහෙම කරොත් රටම ආරක්ෂා කරගන්න අපිට පුළුවන්.”

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගත වූ දිනයේ ලක්ෂයක් ඉක්මවූ පිරිසක් එන්නත් ලබාගෙන ඇති අතර බූස්ටර් මාත්‍රාව පමණක් පුද්ගලයින් 91,619 දෙනෙකු සඳහාත්, පළමු මාත්‍රාව පුද්ගලයින් 25,367 දෙනෙකුට හා දෙවන මාත්‍රාව 11,747 දෙනෙකු ආදී වශයෙන් ලබාදි ඇති බව වසංගත රෝග විද්‍යා අං‍ශය පවසා සිටියා.

මේ වන විට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 5,364,788 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් බූස්ටර් මාත්‍රාව මෙතෙක් ලබාගෙන ඇත්තේ පූර්ණ එන්නත්කරණයට ලක් වූ පිරිසෙන් සියයට 38ක ප්‍රතිශතයක් පමණක් බවත් අවුරුදු 12ට වැඩි ඉලක්ක ගත ජනගහණයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් වූ ප්‍රතිශතය සියයට 79ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33