බූස්ටර් ගහගෙනත් පොසිටිව් වුන චාර්ල්ස් කුමාරයා

දෙවන වරටත් කොවිඩ් ආසාධිත වූ මහා බි්‍රතාන්‍යයේ චාර්ල්ස් කුමරුන් දින 02 කට ඉහතදී දෙවන එළිසබෙත් රැජිණ හමුවී ඇතැයි වාර්තා වනවා.

කෙසේවෙතත් රැජිණ මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බවයි රාජකීය ආරංචි මාර්ග සඳහන් කලේ.

කැමිලා ආර්යාවට කොවිඩ් පරීක්ෂණයක් කර ඇති අතර ඇය සෘණාත්මක බවට තහවුරු වී තිබෙනවා.

2020 වසරේදීත් චාර්ල්ස් කුමරුන් කොවිඩ් ආසාධිත බවට හෙළිවුණා.

මෙවර ඔහු ආසාධිත වී ඇත්තේ බූස්ටර් මාත්‍රාව ද ලබාගැනීමෙන් අනතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්