බූරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයාගැනේ

පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් සිටිය දී අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල, දසවේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි.ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

ඉකුත් 17 වනදා ‘බූරු මූණා’ නීතිඥවරයකු සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී අවිස්සාවේල්ල, මානියම්ගම ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලිසිය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ලබාදුන් අවසර නියෝගයක් අනුව සැකකරුගෙන් අද (19) දින දක්වා ප්‍රශ්න කෙරෙනවා.

‘බූරු මූණා’ නමැත්තා සිදුකළ ඝාතන සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, රත්ගම, ඇල්පිටිය, හික්කඩුව, කටුනායක, ඌරගහ සහ මීගමුව කොට්ඨාස අපරාධ අංශය ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඝාතන 09ක චෝදනා ‘බූරු මූණා’ ට එල්ල වී ඇතත් තමන් සිදුකළේ ඝාතන දෙකක් බව ඔහු හඬා වැටෙමින් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්ගම විදුර නමැත්තාගේ ගෝලයෙක් ලෙස කටයුතු කළ ‘බූරු මූණා’ විදේශගතවීමට අවශ්‍ය ව්‍යාජ හැඳුනුම්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් සාදා දෙන ලද බව පවසා ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්නංගරගේ ලලිත් කන්නංගරගේ නමැත්තා මොහුව පරකඩුව ප්‍රදේශයට ගෙන්වාගෙන හංවැල්ල ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තමන්ගේ ගෝලයන්ට හිරිහැර කරන ආපනශාලා හිමිකරු සම්බන්ධයෙන් ‘බූරු මුණා’ ට ඩුබායි හි සිටින ලලිත් නැමැත්තා දුරකථන ඇමතුමක් ලබා දී කෙසේ හෝ ඔහු ඝාතනය කරන ලෙස පවසා ඇතැයි සැකකරු පපොච්ච්රණය කර ඇති බව සඳහන්.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ‘බූරු මුණා’ නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සොයාගත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය හංවැල්ලේ ආපනශාලාවක් තුළදී ඝාතනයට ලක්වූ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවසට,ආපනශාලාවට සහ සහෝදරයාගේ ආපනශාලාව පුපුරුවා හැරීම සඳහා රැගෙන ආ ඒවා බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

අවස්ථා කීපයකදීන් හංවැල්ලේ ආපනශාලා හිමිකරු ඝාතනය කිරීම සඳහා ගියත් ඒ සඳහා අවස්ථාවක් නොවූ හෙයින් ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නැමැත්තා ‘බූරු මූණා’ වෙත මෙම පුපුරණ පුද්ගලයකු මාර්ගයෙන් එවා තිබූ බවට සැකකරුගෙන් අනාවරණය වී තිබෙනවා.

ඒ සදහා ඩෙටනේටර් තුනක්ද රැගෙනවිත් තිබූ අතර පොලිස් වෙඩි පහරින් මිය ගිය හංවැල්ල ඝාතනයේ යතුරුපැදිය පැද වූ ‘කරකරවිට සීයා’ නැමැත්තා හැඳ සිටි කබාය තුළ ඒවා බහා තිබූ බවත් ඝාතනයෙන් අනතුරුව කබාය සහ ආරක්ෂක හිස් වැස්ම විසිකර දැමූ බවත් සැකකරුගෙන් අනාවරණ වූ බව පොලිසිය පවසනවා.

ආපනශාලා හිමිකරු ඝාතනය කිරීමෙන් අනතුරුව ඩුබායි ඩුබායිහි සැඟව සිටින ලලිත් නමැත්තාගේ උපදෙස් මත එම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය හංවැල්ල, දසවේල්ල පාර දුරකථන කණුවක් යට තැබූ බවට ‘බූරු මූණා’ ගෙන් අනාවරණය වූ තොරතුරු අනුවඑම පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

කටුනායක ගුවන්තොටුපල පොලිසියේ අත්අඩංගුවෙන් පලා යෑමෙන් අනතුරුව සැකකාර ‘බූරු මූණා’, රත්ගම විදුර, හංවැල්ල
ලලිත් කන්නන්ගර, ඩුබායිහි සැඟව සිටින ඩිලාන්, වත්තල වර්ණ ආදී අපරාධකරුවන් විසින් මීගමුව, දඹුල්ල, මරදන්කඩවල, කරවනැල්ල ආදී ප්‍රදේශවල දී රැකවරණය ලබාදී ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු පොලිස් අත්අඩංගුවෙන් පළා යාම ඉන් අනතුරුව සහ හංවැල්ල ඝාතන සිද්ධියෙන් අනතුරුව නවාතැන් ගෙන සිටි ස්ථාන සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

‘බූරු මූණා’ නැමැත්තාගේන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයක් රැඳවුම් නියෝග ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබාගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23