බූරු පොළක ඔට්ටුවක් නිසා පුද්ගලයෙක් මැරුම්කයි

බලංගොඩ, සීතගල හංදිය ප්‍රදේශයේ දී පොලුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

බූරු පොළක රුපියල් 2000ක ඔට්ටුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය⁣ගොස් ඇති බවයි වාර්තා වුණේ .

මෙලෙස මියගොස් ඇත්ත සීතගල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.

පිය පුතු දෙපළක් එක්ව මෙම පහරදීම සිදුකර ඇති බව දැනට සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

පහරදීමට අදාළව සැකකරුවන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් අද (20) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සිද්ධියට සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක අතර, මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (20) දින සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39