මුන්දලම කලපුව ම මළ කලපුවක් බවට පත්වෙයි (ඡායාරූප)

මුන්දලම කලපුවේ මේ වනවිට දැඩි පාරිසරික අර්බුදයක් හටගෙන තිබෙනවා.

ප්‍රදේශවාසී ධීවර ප්‍රජාව පෙන්වා දෙන්නේ දින කිහිපයක සිට කලපුවේ ජීවත් වන මත්ස්‍යයින් විශාල වශයෙන් තැනින් තැන මියගොස් ඇති බවටයි.

මෙලෙස මියගිය මත්ස්‍යයින්ගේ මළසිරුරු කොටස් මුන්දලම කලපුවෙහි පාවෙමින් තිබෙන බවත්, ඒ අවට කලාපය ම දැඩි පිළිකුල් ගඳකින් පිරී ඇති බවත් වාර්තා වනවා.

මෙම මියගිය මත්ස්‍යයින්ගේ සිරුරු කලපු තීරයේ කිලෝමීටර් 2ක් පමණ දුරකට විහිදී පවතින බව ද වාර්තා වී තිබෙනවා.

ධීවරයින් පෙන්වාදෙන්නේ වගකිව යුතු පාරිසරික අධිකාරියකින් හෝ එම පාර්ශ්වයේ කිසිවෙකු පැමිණ දිගු කාලයකින් බූන්දල කලපුව පිරිසිදු කිරීමක් හෝ සිදු කර නොමැති බවයි.

මේ හේතුවෙන් කලපුව මේ වනවිට ‘ඩෙත් ලැගූන්” නැත්නම් මළ කලපුවක් බවට පත් ව ඇති බවත්, එහි ලවණ සාන්ද්‍රණය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී සහ පශු සම්පත් කාර්‍ය්‍යාලය මෙන් ම, ධීවර සම්පත් අධිකාරිය ද විශේෂ විමර්ශනයක් මත්ස්‍යයින්ගේ හදිසි මරණයට හේතු සොයා සිදු කරනවා.

WhatsApp Image 2023 10 27 at 08.48.11
WhatsApp Image 2023 10 27 at 08.48.12
WhatsApp Image 2023 10 27 at 08.48.13 1 1
WhatsApp Image 2023 10 27 at 08.48.13
WhatsApp Image 2023 10 27 at 08.48.15

https://tinyurl.com/yeckusjuhttps://tinyurl.com/yeckusju



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16