බුදු දහමට අපහාස කළ කාන්තාව යළි රිමාන්ඩ්

බුදු දහමට අගෞරව වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින නතාෂා එදිරිසූරිය නැමති කාන්තාව ලබන ජුලි මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙම කාන්තාවගේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බෲනෝ දිවාකර නැමති පුද්ගලයා ඇප මත නිදහස් කර ඇතැයි සඳහන්.

නතාෂා එදිරිසූරිය නම් කාන්තාව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ සිංගප්පූරුව බලා යාමට කටුනායක ගුවන්තොටුපලට පැමිණ සිටියදීයි.