බුදුරුවගල විද්‍යාලයේ සිසු දරුවන්ට ජනපති දුන් පොරොන්දුව ඉටුකිරීම 09 වනදා

මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාදුන් පොරොන්දුව ඉටු කරමින් සංගීත භාණ්ඩ තොගයක් එම පාසල වෙත ප්‍රදානය කිරීම ලබන 09 වනදා සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

පසුගිය නොවැම්බර් 03 වනදා ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මොණරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගනයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේ දී සිසුන් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවා.

හදිසියේ තම පාසලට පැමිණි සමඟ සුහදශීලි කතාබහක නිරත වීමට ද පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට අවස්ථාව හිමි වූ අතර, පාසලේ සහ අවට ප්‍රදේශය තුළ පවතින අඩුපාඩුකම් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ඔවුන්ගෙන් විමසා සිටියා.

එහිදී පාසලේ පවතින සංගීත භාණ්ඩවල හිඟය පිළිබඳ ඔවුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

එම ඉල්ලීම ඉටු කරන බවට පොරොන්දු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැකි ඉක්මණින් ඒ පිළිබඳව කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට ඒ අවස්ථාවේදී ම උපදෙස් ලබා දුන්නා.

ඒ, අනුව ඉතා කෙටි කාලයක් තුළ එම පොරොන්දුව ඉටු කරමින් සංගීත භාණ්ඩ රැසක් ප්‍රදානය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36