බුද්ධංගල ආනන්ද හිමි ආදාහන කටයුතු හෙට අම්පාරේ දී

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට එම දේහය තැන්පත් කර ඇති කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවට බොහෝ පිරිස් එක්ව සිටිනවා.

දේහයට අද උදෑසන අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද හමුදා ප්‍රධානීන් රැසක් ද අවසන් ගෞරව දැක්වූවා.

ඔවුන් අතර බුද්ධංගල ආනන්ද හිමියන්ගේ සොහොයුරා වන අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර සමඟ පාර්ලිමේන්තුවේ දී බරපතළ වාග් සංග්‍රාමයන්ට පැටලෙන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද දක්නට ලැබුණා.අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු හෙට දින පස්වරුවේ අම්පාරේ දී සිදු කිරීමට නියමිත අතර දේහය අද පස්වරුවේ ගුවනින් අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කරවීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59