බුකිය කැළඹූ අසැබි ඡායාරූප පෙළක් නිසා, ගයත්‍රි ඩයස් CIDයට පැමිණිල්ලක් දමයි

ගයත්‍රි ඩයස් කියන්නෙ පුංචි තිරයෙන් අපට මුණගැහුණු ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය දැන් ඉන්නෙ විදෙස්ගත වෙලා වුණත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළින් අපට හමුවනවා.

පසුගිය දිනවල ඇගේ යැයි කියන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ තැනින් තැන හුවමාරු වුණා. ඇය ඒ ගැන කියමින් ඇගේ ඉස්ටග්රෑම් ගිණුමට ලිපියක් එක් කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ ලිපියේ තිබුණු කතාව……..

“සමහරු මාව ජනප්‍රිය කරන්න බලාගෙන ඉන්නවනේ. මගේ කියලා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල පැතිරෙනවා. ඒක මම හිතලා කරගත්ත දෙයක් නෙවෙයි. මොකද ඔය ඡායාරූප මගේ නෙවෙයි කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒවා මාස ගාණකට කලින් වෙන කවුද කෙනෙක් එළියට දාපු ෆොටෝස් වගයක්. ඒවා මට සම්බන්ධයක් නෑ. සමහරු කරන දේවල් නිසා මාව තවත් ජනප්‍රිය වෙලා. මේ වෙනකොට ගූගල් එකේ මගේ නම ගොඩක් දෙනෙක් සර්ච් කරලා තියෙනවා. ගූගල් එකෙන් ඊමේල් එකකුත් ආවා මට සුබ පතලා..

දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් විදිහට මම අප්සට් වුණා. මගේ දුවගේ ඉන්ස්ටග්රෑම් එකවුන්ට් එකට පවා මේ ඡායාරූප ටැග් කරලා තිබුණා. එයා හරි තේරුම් ගන්න දරුවෙක්. කාටහරි මඩ ගහන්න වුවමනා වෙන්නැති. ඔය කතා ඇත්ත නොවන නිසා ඒකේ ප්‍රතිචාරය මට හොඳ විදිහට ලැබෙනවා කියලා. මම කවදාවත් ඔය වගේ පින්තූර අරගෙන නෑ. ලින්ක් එකට ගිහින් බැලුවම තේරෙයි ඒ ඡායාරූප කාගෙද කියලා…

ඒ වගේ ඇඳුමක් ඇඳලා පුවත්පතකට මම ඡායාරූප ගත්තා. මම ඇඳලා ඉන්න ඇඳුම දණහිසෙන් උඩටවත් ගන්න බෑ. එච්චර තදයි. මම ඒ ඇඳුම හරි අමාරුවෙන් අඳින්නේ. තනිකර මඩක් ගහන්න හිතන් කරපු වැඩක් කියලා පැහැදිලියි. මම ආදරය කරන රසික රසිකාවියෝ මම ඔහොම කෙනෙක් කියලා හිතන් නෑ. මේ ඡායාරූප ඉස්සල්ලාම දැම්මේ කවුද කියලා හොයන්න සීඅයිඩීයට භාර දුන්නා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23