spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම අවසන් මහා තරගයට

LPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 34 කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.

නායක වනිඳු හසරංග පන්දු 30කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 48ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 38යි. ඒ එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින්.

ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර සහ සොනාල් දිනූෂ කඩුලු 02 බැගින් දවාගැනීමට සමත් වූහ.

පිළිතුරු ඉනිම සඳහා ලකුණු 158ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ‘ගෝල් ටයිටන්ස්’ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

LPL තරගාවලියේ අවසන් මහා තරගය අද ‘දඹුල්ල අවුරා’ කණ්ඩායම සහ ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතවතිබෙනවා.

රාත්‍රී 7යි 30ටයි එම තරගය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?