බීමතින් ඇවිත් බිරිඳට මල්ලවපොර ඉගැන්වූ සැමියා අත්අඩංගුවට

මල්ලවපොර ක්‍රීඩකයෙකු තම ප්‍රතිවාදියාට පහර දෙන ආකාරයට තම බිරිඳට පහරදුන් පුද්ගලයෙක් මොරටුව පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සැකකාර 34 හැවිරිදි සැමියා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැමියා බීමතින් නිවසට පැමිණ මල්ලවපොර ක්‍රීඩකයෙකු මෙන් තමන්ට පහර දුන් බවට බිරිඳගෙන් ලද පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැමියා හදිසියේම ඇඳට පැන බිරිඳගේ බඩ, පපුව සහ මුහුණ ප්‍රදේශයට මෙලෙස පහර දී ඇති අතර, කිසියම් මොහොතක හෝ තමන් මරා දමනු ඇතැයි බියෙන් කාන්තාව විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

මෙම යුවළට දරුවන් දෙදෙනකු ද සිටින අතර, සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13