බීඩී කර්මාන්තයේ ගැටලු විසඳන්න විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර

බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී මතුව ඇති ගැටළු සහ අක්‍රමිකතා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

ඒ අනුව බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය පිළිබඳ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සහ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ නැවත එය සකස් කිරීමේ අවශ්‍යතාව මෙන්ම අමුද්‍රව්‍ය නීති විරෝධී අයුරින් ආනයනය වැළැක්වීම සඳහා පියවර ගැනීම පිළිබඳ මෙහිදී අවධානය ‍යොමු කරනු ලැබුවා.

ආනයනකරුවන් සහ බීඩි නිෂ්පාදන ආයතන වාර්ෂිකව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ද එකඟතාවයකට පැමිණීම මෙහිදී සිදු වූ අතර ලියාපදිංචි ගාස්තුව සංශෝධනය කිරීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.

කපා සකසන ලද තෙන්දු කොල ආනයනය කිරීම වැළක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු විසඳීම සඳහා විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් සාගල රත්නායක මහතා, මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14