බීඩී කර්මාන්තයේ ගැටලු විසඳන්න විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර

බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී මතුව ඇති ගැටළු සහ අක්‍රමිකතා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

ඒ අනුව බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය පිළිබඳ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සහ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ නැවත එය සකස් කිරීමේ අවශ්‍යතාව මෙන්ම අමුද්‍රව්‍ය නීති විරෝධී අයුරින් ආනයනය වැළැක්වීම සඳහා පියවර ගැනීම පිළිබඳ මෙහිදී අවධානය ‍යොමු කරනු ලැබුවා.

ආනයනකරුවන් සහ බීඩි නිෂ්පාදන ආයතන වාර්ෂිකව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ද එකඟතාවයකට පැමිණීම මෙහිදී සිදු වූ අතර ලියාපදිංචි ගාස්තුව සංශෝධනය කිරීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.

කපා සකසන ලද තෙන්දු කොල ආනයනය කිරීම වැළක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු විසඳීම සඳහා විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් සාගල රත්නායක මහතා, මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12