බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරනු ලබන දුම්කොළ බද්ද (Tobacco Tax) 2025 අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 2 සිට රුපියල් 3 දක්වා වැඩි කිරීම සඳහා වන 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/16 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අනුමත කර තිබෙනවා.

මේ පිළිබඳ සලකා බලනු ලැබුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඒහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ
සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැසුවූ අවස්ථාවේදීයි.

උක්ත බදු ඉහළ නැංවීම 2025 අයවැය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය 1999 අංක 8 දරණ දුම්කොළ බදු පනත යටතේ, 2 වන වගන්තියට අනුකූලව මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද නියෝගයක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙහිදී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය වසරේ බීඩි නිෂ්පාදකයින් සඳහා බලපත්‍ර 1,140 ක් නිකුත් කර ඇති නමුත්, බදු ඉහළ නැංවීමේන් අනතුරුව මෙම වසරේ බලපත්‍ර අලුත් කර ඇත්තේ 840 ක් පමණක් බවයි.

බීඩි නිෂ්පාදන බදු ආදායමද අපේක්ෂා කළ මට්ටමට වඩා පහත වැටී ඇති අතර, පසුගිය වසරේ අපේක්ෂිත ඉලක්කය
රුපියල් බිලියන 02ක් වුවද ලැබී ඇත්තේ රුපියල් මිලියන 1,055 ක් පමණක් බවත්, මෙම වසරේ මේ දක්වා රැස්කර ඇත්තේ රුපියල් මිලියන 469ක් පමණක් බවත් මෙහිදී අනාවරණය වුණා.

මෙහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ මහා පරිමාණ අනීතික බීඩි ජාවාරම සහ එවැනි ක්‍රියා සඳහා ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගැනීම මෙම අඩුපාඩු සඳහා හේතු වී ඇති බවයි.

මෙහිදී කාරක සභා සාමාජිකයින් විමසා සිටියේ බලපත්‍ර අලුත් කිරීම් අඩුවීම සහ බීඩි නිෂ්පාදකයන් නීති විරෝධී වෙළඳපොළවල් වෙත ආකර්ෂණයවීම බදු බර වැඩිවීමේ ප්‍රතිඵලයක් ද යන්නයි.

ඉහළ බදු පැනවීමෙන් නීත්‍යානුකූල ව්‍යාපාර නීති විරෝධී තත්ත්වයට යොමුවිය හැකි බවට වන ආර්ථික මූලධර්මය හුවා දක්වමින් කමිටු සාමාජිකයන් පෙන්වා දුන්නේ බීඩි බදු අඩු කිරීමෙන් කර්මාන්තය සඳහා නීත්‍යානුකූල නිෂ්පාදකයන්ගේ සහභාගීත්වය වැඩි කළ හැකි අතර, එමගින් සමස්ත ආදායම් රැස් කිරීම ඉහළ නැංවිය හැකි බවයි.

ආදායම් ඉලක්ක සපුරා ගැනීමේදී අනාගත බදු ගැලපීම් සඳහා ඒවායේ කාර්යක්ෂමතාව පෙන්නුම් කිරීමට අදාළ විද්‍යාත්මක සාක්ෂි මත තීරණ ගන්නා ලෙස කමිටුව මෙහිදී දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14