බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් ඊයේ (14) රාත්‍රී කල්පිටිය, පෙරිය අරිච්චාල් දූපත් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කුඩා යාත්‍රා යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

අදාළ මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කෙරුණා.

එහිදී, එම ඩිංගි යාත්‍රාව තුළ නීති විරෝධි ලෙස රැගෙන එමින් තිබූ උර 16ක අසුරන ලද බීඩි කොළ කිලෝ 530ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා .

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 ක් සහ 44 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම සැකකරුවන් දෙදෙනා, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇලකින් හමුවෙයි - ඝා##නයක්ද යන්න තවමත් සැකයක්
01:50
Video thumbnail
ගගේයායෙන් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය - "අවු:70 වෙනවා කවදාවත් මෙහෙම ගෙඩියක් දැකලා නෑ"
02:12
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
00:46
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ගම්බිම් බලා රැගෙන ගිය හැටි - "මං අල්ලලා බලන්නේ මේ මල්ලිද කියලා"
02:19
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
01:11
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරය කඳුළු ගංඟාවක් වෙයි.."මැණික නැගිටින්න..ඔයා නැතුව කොහොමද ඉන්නේ?"
03:52
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57