spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බීඩි කොළ තොගයක් සමග 4ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය කළපුවේ මට්ටතිව් දූපත අසල මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 17ත් 27 ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

එම සැකකරුවන් 4දෙනා, ඩිංගි යාත්‍රා දෙක සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?