spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

වෙන්නප්පුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 379 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත අද මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මුහුදේ පාවෙමින් තිබූ සැකකටයුතු උර දොළහක් නිරීක්ෂණය කර පරික්‍ෂාවට ලක් කර තිබුණේ.

එහිදී, එම උර තුළ අසුරා තිබූ නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 379යි ග්‍රෑම් 300 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ ‍තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, බීඩි කොළ ‍‍තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?