බීජ වී නිෂ්පාදනය 2024 වන විට 91% දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් එකකට ලබන වී අස්වැන්න ඉහළ නැංවීමට නම් ගුණාත්මක වශයෙන් ඉහළ අස්වැන්නක් ලබා දිය හැකි බීජ වී ගොවි ජනතාව විසින් භාවිතා කළ යුතුව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

තවමත් බොහෝ ගොවීන් පුරුදුව සිටින්නේ තමන් එක් කන්නයක දී වගා කළ වීවලින් කොටසක් බීජ වී වශයෙන් යොදා ගැනීමටයි. කන්න කිහිපයක් එකම වී වර්ගය වගා කිරීම නිසා ලැබෙන අස්වැන්න ක්‍රමාණුකූලව අඩු වන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ නිසා ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි උසස් බීජ වී ගොවි ජනතාවට ලබා දීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඔවුන් යටතේ ඇති ගොවිපොළවල බීජ වී නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

දැනට සියයට 61ක් පමණ වන මූලික බිත්තර වී නිෂ්පාදනය ඉදිරි වසර අවසන්වීමට ප්‍රථම සියයට 91ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණා.

ජාතික වී නිෂ්පාදනය සඳහා වසරකට මහ කන්නය සඳහා හෙක්ටයාර් ලක්ෂ 08ක්ද, යල කන්නය සඳහා හෙක්ටයාර් ලක්ෂ 05ක් වශයෙන් හෙක්ටයාර් ලක්ෂ 13ක් වගා කෙරෙනවා. මේ සදහා අවශ්‍ය සහතික බීජ ප්‍රමාණය බුසල් ලක්ෂ 65ක්. මෙම ප්‍රමාණය සම්පූර්ණයෙන් නිපදවීමට නම් මූලික බීජ වී බුසල් 161,500ක අවශ්‍යතාවයක් පවතිනවා.

මේ වනවිට රජයේ බීජ වී නිෂ්පාදන ගොවිපොළ 11ක් මුලික බීජ වී නිෂ්පාදන කටයුතුවල යෙදී සිටිනවා.

ඒ අනුව 2007- 2009 කාල සීමාව තුළ රජයේ මුලික බීජ නිෂ්පාදනය බුසල් ලක්ෂයක් පමණ මට්ටමක තිබු අතර එම මූලික බීජ ගුණනය කිරීමෙන් ලබා ගත හැකි වූ සහතික බීජ ප්‍රමාණය රටේ ජාතික අවශ්‍යතාවයෙන් සියයට 61ක්.

කඩිනම් ගොවිපොළ සංවර්ධන වැඩ සටහන් හා අනෙකුත් සංවර්ධන වැඩ සටහන් මගින් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම හා විවිධ තාක්ෂණික ක්‍රම භාවිතය මගින් 2019- 2021 කාල සීමාව වනවිට මූලික බීජ වී නිෂ්පාදනය බුසල් 150,000ක මට්ටමට ලඟා වීමට හැකි වී තිබෙනවා. ඒ අනුව 2007- 2009 තෙවර්ෂයට සාපේක්ෂව 2019-2021 වනවිට මූලික බීජ වී නිෂ්පාදනය සියයට 50ක පමණ වර්ධනයක් ලබා ගැනීමට හැකි වූ බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර 2019-2021 නිපදවන ලද මූලික බීජ වී ගුණනය කිරීම මගින් ලබා ගත් සහතික බීජ ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයෙන් සියයට 91 සපුරාගැනීමට තරම් ප්‍රමාණවත් වනවා. එමෙන්ම බීජ වී නිෂ්පාදන ගොවිපළවලට තවදුරටත් අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කර මූලික බීජ වී නිෂ්පාදන ඉළක්ක වන බුසල් 162,500ක ප්‍රමාණය 2022- 2024 කාලසීමාව වන විට ළඟා කර ගැනීමට හැකි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර සහතික බීජ වී නිෂ්පාදනය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශය වෙත නිපදවනු ලබන මූලික බීජ විදිමත්ව හා කාර්යක්ෂමව ලබා දීම තුළින් බීජ සහතික කිරීමේ ක්‍රමවේදය මගින් නිෂ්පාදනය කරනු ලබන ජාතික අවශ්‍යතාවයෙන් සියයට 15ක් වන ප්‍රතිශතය සියයට 25ක් දක්වා ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23