UPDATE:බීජේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි 60ක් පමණ අතුරුදන්

අහමදාබාද් ගුවන් අනතුරට මුහුණ දුන් බීජේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිසුන් ඇතුළු 60 දෙනෙකු අතුරුදන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (12) දහවල් ලන්ඩනය බලා පියාසැරි ඇරඹූ එයාර් ඉන්දියන් ගුවන් යානය ගුවන්ගත වී මිනිත්තු කිහිපයක් යන්නටත් පෙර අසල තිබූ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැටී වෛද්‍ය සිසුන් සිව්දෙනෙකු සහ පශ්චාත් වෛද්‍ය උපාධිය අපේක්ෂාවෙන් සිටි වෛද්‍යවරයෙකු ද ජීවිතක්ෂයට පත් වුණා.

කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාලයීය ආරංචි මාර්ග සඳහන් කළේ ගුවන් අනතුර සිදු වන අවස්ථාවේ දී ශිෂ්‍ය නේවාසිකාගාරයේ පිරිමි සිසුන් 100කට ආසන්න ප්‍රමාණයක් දිවා ආහාරය ගනිමින් සිටි බවයි.

මේ වනවිට වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාර පරිශ්‍රයට මෙහෙයුම් කණ්ඩායම් පැමිණ මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාරදීම සඳහා DNA සාම්පල එකතු කිරීමේ ස්ථානයක් ලෙස ද ක්‍රියාත්මක වී තිබෙනවා.

සමස්ත ඉන්දීය වෛද්‍ය සංගම් සම්මේලනය (FAIMA) පැවසුවේ අවම වශයෙන් MBBS සිසුන් පස් දෙනෙකු, PG නේවාසික වෛද්‍යවරයෙකු සහ වෛද්‍ය විද්‍යාලයේ සුපිරි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ බිරිඳ මියගොස් ඇති අතර තුවාලකරුවන් රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බවයි.

මෙම ගලවා ගැනීමේ මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධ වූ MBBS ශිෂ්‍යයෙකු වන ශ්‍යාම් ගෝවිල් පැවසුවේ, “මළසිරුරු එකක්වත් හඳුනාගැනීමට නොහැකි වී ඇති බවයි.

ගුවන් යානය කඩා වැටීමෙන් ඒ අසල ගම්මානයේ වැසියන් 50 දෙනෙකු පමණ ද පිළිස්සුම් තුවාල ලබා අහමදාබාද් සිවිල් රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නමුත් ස්ථාවර සෞඛ්‍ය මට්ටමක සිටින බවත් වෛද්‍ය අංශ නිවේදනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16