බිළිඳා දුම්රිය වැසිකිළියේ දමා ගිය මව සහ පියා රිමාන්ඩ්

බිළිඳා දුම්රිය වැසිකිළියේ දමා ගිය සිද්ධියට අත්අඩංගුවට ගත් එම බිළිඳාගේ මව සහ පියා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම යුවළ බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

සැකකාර මව සහ පියා ලබන 15 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වැඩ බලන මහේස්ත්‍රාත් කෙනත් ද සිල්වා මහතා නියෝග කර තිබෙනවා.

මෙම සැකකාර පියා පෞද්ගලික සරසවියක 4 වන වසරේ සිසුවෙක් බවටයි මේවන විට හෙළිවී ඇත්තේ. 26 හැවිරිදි ඔහු ඊයේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිටියදීයි.

පෙරේදා (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් සිටි මෙම බිළිඳා, මගියෙකු විසින් දැක දුම්රිය බලධාරීන් දැනුවත් කර තිබුණා.

අනතුරුව මෙම බිළිදාගේ මව්පියන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ලැබුණු තොරතුරක් අනුවයි සැකකාර යුවළ හමුවී ඇත්තේ.

බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් පොලිස් භාරයට ගත් අතර දුම්රිය වැසිකිළිය තුළ කුඩා බිළිඳා දමාගොස් ඇත්තේ එම පියා විසින් බවට ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

දුම්රිය වැසිකිළියෙන් හමුවීමෙන් පසු බිළිඳා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ අතර මේවන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

මෙම යුවළ විවාහ වී නොමැතිව දෙහිවල ප්‍රදේශයේ කුලී පදනම මත නතර වී සිට ඇතැයි සඳහන්.

විවාහ නොවීම හේතුවෙන් දරුවා රැගෙන නිවෙස්වලට යාමට නොහැකි වීම හමුවේ බිළිඳාට ආදරය කරන අයෙක් රැගෙන යනු ඇතැයි අපේක්ෂාවෙන් දුම්රියේ දමා ගිය බව ද මෙම යුවළ ප්‍රකාශකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51