spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිහාර් ප්‍රාන්තයේ කඩා වැටුණු පාලම (විඩියෝ)

මංතීරු හතරකින් යුත් බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් හි ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පාලම ඊයේ (04) සවස කඩා වැටී ඇති අතර පාලම කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය රජය නියෝග කර ඇති අතර අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බවද සඳහන් කර තිබෙනවා

පාලම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 1,700ක්

ඉදිවෙමින් පවතින විට කඩා වැටුණු දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙහිදී පාලම අසල සේවයේ නියුතු මුරකරුවෙකු අතුරුදහන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහු සොයා ගැනීම සඳහා සහන නිලධාරීන් උත්සාහ දරමින් සිටින බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
6
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?