බිල නොගෙවීම නිසා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරයි

සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා 200කට ආසන්න සංඛ්‍යාවක් වැඩවෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය අද සවස දෙවන වරටත් විසන්ධි කිරීම හේතුවෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ 1954 වසරේ සිට එවකට හිටපු ජනාධිපතිවරුන් විසින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිබිල ගෙවීමකින් තොරව නිදහස් කර තිබූ බවයි.

මේ වසරේ දෙවැනි වරටත් මෙම විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් අලි, කොටි, වලසුන් මැද වැඩවාසය කරන තම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව ද රාහුලාලංකාර නා හිමියන් පෙන්වා දෙනවා.

රුපියල් ලක්ෂ 57 කට ආසන්න මුදලක් තිබෙන මෙම විදුලි බිල ගෙවීමට තරම් ආධාර මුදල් නොලැබෙන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

වෙනත් විහාරස්ථානවලට මෙන් තම විහාරස්ථානවලට ආධාර පරිත්‍යාග නොලැබෙන බැවින් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දිඹුලාගල ආරණ්‍ය සේනාසනය විදුලි බිලෙන් නිදහස් කර දෙන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් මෙන්ම විදුලි බල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

විදුලි ගාස්තු වැඩිවීමට පෙර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල රුපියල් ලක්ෂයක පමණ වුව ද විදුලි ගාස්තු වැඩි වීමත් සමග මාසිකව රුපියල් ලක්ෂ හතරහමාරක පහක පමණ විදුලි බිලක් දරා ගැනීමට නොහැකි බවයි රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළා.

දිවා මෙන්ම රාත්‍රී කාලයේ වනසතුන්, අලිඇතුන්, ගැවසෙන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බැවින් මේ පිළිබඳ සැලකිල්ලට ගෙන අඛණ්ඩව විදුලිය සැපයීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු අනිකුත් දේශපාලඥයන්ගේ මැදිහත්වීම සිදු කරන ලෙසටයි දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා ඉල්ලීමක් කරන්නේ.

වෙනත් විහාරස්ථාන සහ ආරණ්‍ය සේනාසනවලට මෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ආධාර මුදල් පරිත්‍යාගයන් නොලැබෙන බවත්, මෙම ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ ගොවි ජනතාවක් ජීවත්වෙන ප්‍රදේශයක බැවින් ඔවුන්ගෙන් ආධාර මුදල් එතරම් නොලැබෙන නිසා මාසිකව විදුලි බිලක් ගෙවීමට තරම් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ආර්ථිකයෙන් පොහොසත් නොවන බවයි දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව සඳහන් කරන්නේ.

මේ සම්බන්ධව අදහස් දක්වන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කළේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙහි විදුලි බිල ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් වසර 30කට ආසන්න කාලයක් ගෙවූ බවයි.

මහජන උපයෝගිතා කොමිසන් සභාව පත් කිරීමෙන් අනතුරුව සෑම විදුලි පාරිභෝගිකයෙක්ම විදුලිබිල ගෙවීම අනිවාර්ය කර ඇති බැවින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ද විදුලි බිල ගෙවීම අනිවාර්ය කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

  1. NIKAN LABUNAMA NASTHI KARANAWA. THIYENA NISA PARISSAM KARANNE NAHE. 1980 GANAN WENAKAM WATHURA NIKAN DUNNA. TAP KADANAWA, TAP WATHURA PARAPURA KANU PURA DORA GALANAWA. MINISSTH WERADHIYI. EHEMA KADAPU TAP EKAK KOTU KELLAKA REDHI GULIYAK OTHALA WAHANNA GIHINA NAWENA KENA DILHA WATEYI INNA UN BALANNE OLOKKUWATA. KALAYAK ADU BILAK AWE. NAMUTH MAHAPARIMANA NASTHIYA MAHA EWUNGE NAM ADU UNE NAHE. GEDRA WAHANA, BALLO, HARAK, GEWAL OKKOMA HODANNE PIRIPAHADU KALA BONA WATHUREN. MEKEN UNE SAMANYA MINIHATA KELA UNA EKA.