spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යපෘති යටතේ සලසා ගනු ඇති.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මහජනතාවට මුහුණපෑමට සිදුව ඇති පීඩාවන් හැකි පමණ අවම කිරීම සඳහා සමෘද්ධිලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයින්ට හා රජයේ සේවකයින්ට 2022 වර්ෂයේ ආරම්භයේ දී රජය විසින් සහන පැකේජයක් හඳුන්වා දුන් අතර ඒ සඳහා ද මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් වෙන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?