බිල් ගේට්ස් ලබන වසරේ ශ්‍රී ලංකාවට ?

ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ඇතුලු ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුලුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවී තිබෙනවා.

එය ලබන 2023 වසරේ මැද භාගයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරසන ලෙසටයි ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හයිම්ට සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

එරික් සෝල්හයිම් සහ රුවන් විජේවර්ධන සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති හමුවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නිරතවන ලොව ප්‍රධානීන් රැසකට ශ්‍රී ලංකාවට ආරාධනා කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර පැමිණෙන ප්‍රධානීන් සමග සාකච්ඡා කර මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම බිල් ගේට්ස් සමග එක්ව දේශගුණික විපර්යාස කලමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසට ද ඔහු උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර දේශගුණික විපර්යාස පිළිබඳ පනත ලබන වසරේ මුල් කාර්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39