spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිල් ගේට්ස් ලබන වසරේ ශ්‍රී ලංකාවට ?

ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ඇතුලු ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුලුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවී තිබෙනවා.

එය ලබන 2023 වසරේ මැද භාගයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරසන ලෙසටයි ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හයිම්ට සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

එරික් සෝල්හයිම් සහ රුවන් විජේවර්ධන සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති හමුවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නිරතවන ලොව ප්‍රධානීන් රැසකට ශ්‍රී ලංකාවට ආරාධනා කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර පැමිණෙන ප්‍රධානීන් සමග සාකච්ඡා කර මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම බිල් ගේට්ස් සමග එක්ව දේශගුණික විපර්යාස කලමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසට ද ඔහු උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර දේශගුණික විපර්යාස පිළිබඳ පනත ලබන වසරේ මුල් කාර්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?