බිරිඳ සහ දියණියන් දෙදෙනා කොස්තාපල්ට පහර දී අත් පා ගැටගහලා

බිරිඳ සහ දියණියන් විසින් පහර දී අත් පා ගැටගසා සිරකර සිටි පොලිස් නිලධාරියෙක් ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් විසින් මුදාගෙන ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ කුරුඳුවත්ත පොලීසියේ අනියුක්තව සේවය කරමින් සිටි කොස්තාපල්වරයෙක්.

ඔහු රාජකදළුව – මානාවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහු මත්පැන් පානය කර නිවසට පැමිණ තම බිරිඳට සහ දියණියන් දෙදෙනාට මෝල ගසකින් පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව බිරිඳ සහ දියණියන් දෙදෙනා එක්ව ඔහුට පහර දී අත පය ගැටගසා සිරකර ආරච්චිකට්ටුව පොලීසිය දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

පසුව පොලීසිය පැමිණ පොලිස් කොස්තාපල්වරයා ඉන් මුදවාගෙන ඇති අතර, බිරිඳ සහ දරුවන්ට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුවයි ප්‍රතිකාර සඳහා ඔහුව රෝහල් ගතකර ඇත්තේ.

පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ ද ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර කොස්තාපල්වරයා පසුගිය ජූලි මස 21 වෙනිදා සිට සේවයට වාර්තා කර නොමැති බවට ද තොරතරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56