spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳ සමඟ රටින් රටට ගිය ‘හරක් කටා’ ඇල්ලූ ඩුබායි මෙහෙයුම

මෙරට මත්කුඩු ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තොරතුරකට අනුව ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව මොහු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වූණේ.

‘හරක් කටා” ඔහුගේ බිරිඳ බවට සඳහන් කාන්තාවක් සමඟ මැලේසියාව බලා යාමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

මොහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් රටවල් කිහිපයක සංචාරය කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඔහුගේ මුහුණේ ඡායාරූපයක් යොදාගෙන මියගිය වෙනත් අයෙකුගේ ජීව දත්ත ඇතුළත් කරමින් අදාල ව්‍යාජ ගමන් බලපත්‍රය සකස්කර ඇති බවයි වැඩි දුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?