බිරිඳ සමඟ ආරවුලකට විදුලි කුළුනකට නැගි අයෙක් නිසා කඹුරුපිටියට විදුලිය නැති වෙයි

සිය බිරිඳ සමග ඇතිවූ පවුල් ආරවුලක් මූලික කරගනිමින් කඹුරුපිටිය නගරයේ පිහිටි අධි බලැති විදුලි කුළුනකට පුද්ගලයෙක් නැග විරෝධය දැක්වීමත් සමඟ අදාළ ප්‍රදේශයේ විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුව තිබෙනවා.

කඹුරුපිටිය පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා විසින් අද (21) පස්වරුවේ මෙලෙස අධි බලැති විදුලි කුළුනකට නැග ඇති බවටයි.

ඒ අනුව ඔහු එම විදුලි කුළුනෙන් පහළට ගෙන්වා ගැනීමට පොලිසිය දැරූ මහත් පරිශ්‍රමයකින් පසු, අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් පහළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු විසින් එම අධි බලැති විදුලි කුළුනේ රැඳී සිටි පැයකට ආසන්න කාලයක් පුරාවට එම ප්‍රදේශයට විදුලිය විසන්ධි කර පැවති බවත් පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04